පිරිවෙන් විද්‍යස්ථානය

"මානිවතථ අභිකඛම"

"maaniwaththa abikkama"

පිරිවෙණ යන වචනය බුද්ධ කාලයේ පටන් භික්ෂූන් වහන්සේ වාසය කළ ආරාමය හෝ කුටිය හැදින්වීම සදහා භාවිත කළ බව ත්‍රිපිටක සාහිත්‍යයේ සඳහන්වේ.සියවස් ගණනාවක් පුරා ලංකාවේ ක්‍රියාත්මක වන සාම්ප්‍රදායික අධ්‍යාපන ආයතනය පිරිවෙණයි. පිරිවෙණ් අධ්‍යාපනයෙන් මේ රටට කීර්තියක් ගෙනා ව්‍යක්ත, විශාරද, බහුශ්‍රැත, ධර්මධර හා විනයධර භික්ෂූන් නිර්මාණය කරනු ලැබිණ. ක්‍රි.පූ. පළමු වන සියවසේ දී දේවානම්පියතිස්ස රජු විසින් ඉදි කරන ලද කාලප්‍රාසාදය නම් ආරාමය ශ්‍රී ලංකාවේ ප්‍රථම පිරිවෙණ ලෙස සැලකේ. තවද මහ‍ා විහාරය සහ අභයගිරිය මෙරට පැවති කීර්තිමත් අධ්‍යාපන ආයතන දෙකකි.අනුරාධපුර රාජධානි සමයේදී දේශීය පමණක් නොව විදේශීය භික්ෂු පුහුණු මධ්‍යස්ථාන දෙකක් ලෙස ඒවා ප්‍රචලිත වී ඇත. කලකට පෙර මූලායතන ලෙස හැදින්වූ පිරිවෙන් අධ්‍යාපන මධ්‍යස්ථාන අටක් මෙටර ස්ථාපිතව තිබී ඇත. වර්තමානය දක්වා පිරිවෙන් අධ්‍යාපනය නොනැසී පවත්වා ගෙන යාමට පුරෝගාමී වූ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් මෙරට වර්තමාන පිරිවෙන් අධ්‍යාපන ප්‍රබෝධයේ ආදිකර්තෘ හැටියට අභිමානයෙන් යුතුව හැදින්විය හැකිය. එවන් පෞඪ ඉතිහාසයකට උරුමකම් කියාපාන පිරිවෙන් පද්ධතියෙහි වර්තමාන තවත් එක් පුරුකක් ලෙස මාතර ,වල්පොල ,සිරිමංගල පරිවෙනස්ථානය හඳුන්වා දිය හැකිය .වසර සියයකට වඩා ඉපැරැණි අප විද්‍යස්ථානය තුලින් මේ රටට කීර්තියක් ගෙනා ව්‍යක්ත ,විශාරද,බහුශ්‍රැත,ධර්මධර හා විනයධර භික්ෂූන් වහන්සේලා රැසක් අප පිරිවෙනෙහි ආදිශිෂ්‍යන් ලෙස දසත පුරා විසිරී පැවතීම අපට ඉමහත් ආඩම්බරයකි.

දැක්ම

“මෙරට පැරණිතම ඉගෙනුම් අධ්‍යාපන ක්‍රමවේදය වන පිරිවෙන් අධ්‍යාපන තුළින් ආගමික සම්ප්‍රදායන් සුරකිමින් කාලීන හා අනාගත අවශ්‍යතා වලට යෝග්‍ය වන අයුරින් දැනුම ,ආකල්ප හා කුසලතාවයන්ගෙන් පිරිපුන් වූ පැවිදි ගිහි සිසු පිරිසක් දැයට දායාද කිරීම.”

මෙහෙවර

“ථේරවාදී භික්ෂු සමාජයේ මනා පැවැත්මට උරදිය හැකි ධර්මධර හා විනයධර භික්ෂු පිරිසක් හා ශ්‍රී ලංකික අනන්‍යතාව ස්ව ලක්ෂණ කරගත් පෞරුෂයක් ඇති පුරවැසි පිරිසක් බිහි කරන ආයතන පද්ධතියක් ලෙස පිරිවෙන් අධ්‍යාපන ආයතන පවත්වාගෙන යාම සඳහා කාර්යය කටයුතු ඉටුකිරීම”

නව තොරතුරු

භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ ගිහි සිසුන් අධ්‍යයාපනය ලබයි. ,2020 සැප්තැම්බර් මස සිය 101 වන ජන්ම දිනය සමරන සිරිමංගල පිරිවෙන දකුනුලක පිරිවෙන් අතර ප්‍රධාන ස්ථානයක් ගන්නා පිරිවෙනකි .

එක්වන්න





කෘත්‍යාධිකාරි හිමි

වර්ෂ 1979 සැප්තැම්බර් මස පළමුවැනි දින උපත ලබා 1992 වසරේ ජූලි මස 02 වන දින මාතර වල්පොල සිරිමංගල පිරිවෙනෙහි දී පැවිදි දිවියට ඇතුළත් වන පූජ්‍ය කුඩාගොඩ ඤාණවංස හිමියන් වර්ෂ 2002ක් වූ ඇසළ මස 13 වන දින ගම්පොළ උදකුක්චේප සීමා මාලකයෙහිදී උතුම් උපසම්පදාව ලදහ.
මූලික අධ්‍යාපනය මාතර වල්පොල සිරිමංගල පිරිවෙන තුළින්ද උසස් අධ්‍යාපනය පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙන තුළින්ද හදාරා ඇති උන්වහන්සේ 2002 මැයි මස මඬිහ ශ්‍රී ධර්මවංශික දහම් පාසලෙහි ප්‍රධානාචාර්‍ය ධූරයත් 2002 සැප්තැම්බර් 22 වන දා සිට මඬිහ ශ්‍රී ධර්මවංශිකාරාම විහාරස්ථානයේ විහාරාධිකාරි වගකීම් ඉටු කරමින් සිටින අතරතුර මාතර වල්පොල සිරිමංගල පිරිවෙනෙහි කෘත්‍යාධිකාරී තනතුරෙහි වගකීම් භාරගත් අතර එදා සිට මේ දක්වා උන්වහන්සේ තම කාලය ශ්‍රමය හා ධනය කැප කරමින් පිරිවෙනෙහි අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු සිදු කරමිනි වැඩ වාසය කරනු ලබයි.

අමතන්න

පරිවෙණාධිපති හිමි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි මාතර ප්‍රාදේශිය සංඝ සභාවෙහි ගරු ලේකඛාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය හොරපාවිට ධම්මිස්සර ස්ථිවිරයන් 1976.09.19 දින උපත ලැබ 1990.04.04 දින පැවිදි දිවියට පත්ව 1997.07.07 දින උපසම්පදාව ලැබීය.
මාතර වල්පොල සිරිමංගල පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය ලැබූ මුන්වහන්සෙ කිරින්දේ අරවින්දවංශ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යයවරයෙකි. ඉන් පසුව මාතර ශ්‍රී සුදර්ශි පරිවෙනස්ථානයෙන් අ.පො.ස / උ.පෙළ විභාගයට ඉදිරිපත්ව ඉන් සමත්ව, හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හා ශාස්ත්‍රපති උපාධියද හිමි කර ගැනීමට සමත්විය.
2003 වසරේ පිරිවෙන් පරිවෙනාධිපති ධූරයෙහි ඇතිවූ පුරප්පාඩුවත් සමග විශ්‍වවිද්‍යාල අධ්‍යාපන කටයුතු අවසන් කළ අප හිමියෝ 2003 වසරේ සැප්තැම්බර් මස පළමුවැනිදා මාතර වල්පල සිරිමංගල පිරිවෙනෙහි පරිවේනාධිපතිවරයා ලෙස වැඩ භාරගන්නා ලදී.
වර්ෂ 2005 දී කොළඹ විශ්ව විද්‍යාලය තුළින් ඩිප්ලෝමාව හිමිකරගත් උන්වහන්සේ එතැන් පටන් වර්තමානය දක්වා පුරා වසර 17ක් ශිෂ්‍ය පිරිස රැක බලාගනිමින් මාතර නගරයෙහි ප්‍රමුඛ භික්ෂූ අධ්‍යාපන ආයතනයක් ලෙස සිරිමංගල පිරිවෙන පත් කිරීමට කටයුතු කර ඇත.

අමතන්න

අපගේ ඉතිහාසය

විහාරස්ථානය ආරම්භ වී වසර ගණනකට පසුව පිරිවෙන ආරම්භකර පවත්වාගෙන යන ලදී.වර්ෂ 1919දී මාතර ශ්‍රී ධර්මවංශ හිමිපාණන් වහන්සේ විසින් විද්‍යාසාගර නමින් පිරිවෙන ආරම්භ කරන ලදී. උන්වහන්සේ මූලික අධ්‍යාපනය ලැබූ නිට්ටඹුවේ විද්‍යානන්ද පිරිවෙනට උපහාරයක් ලෙස විද්‍යාසාගර ලෙස පිරිවෙනට නම තබා අරම්භ කළද ඉන් වසර 07කට පමණ පසුව, එනම් වසර 1926දී පිරිවෙන රජයේ ලියාපදිංචි කීරීමේදී විද්‍යාසාගර පිරිවෙන ,සිරිමංගල පිරිවෙන ලෙස නම වෙනස් කරන ලද්දේ ගුරුදේව හිමියන්ගේ උපදෙස් අනුවය.එතැන් පටන් වසර 100කට අධික කාලයක් මුළුල්ලෙහි ගිහි පැවිදි සිසුහු දහස් ගණනකට අධ්‍යාපනය ලබාදෙන කීර්තිමත් විද්‍යස්ථානයක් ලෙස හදුන්වාදිය හැකිය.

අමතන්න