ළදරු උයන හා දිවා සුරැකුම් මධ්‍යස්ථානය
“බුද්ධිමත් ,නිරෝගී, යහගුණ සපිරි සදාචාරාත්මක දරු පිරිසක්”
“සාරධර්ම වලින් පරිපූර්ණ බුද්ධිමත් නීරෝගී වාසනාවන්ත දරු පිරිසක් සමාජයට දායාද කිරීම දැනුම - ආකල්ප -කුසලතා සංවර්ධන තුලින් .”
හතු පිපෙන්නාක් මෙන් පෙර පාසල් ආරම්භ වන යුගයක අවුරුදු 42ක් තරම් ඈතට දිවෙන ඉතිහාසයක් පවතින අප ,නව්‍ය අධ්‍යාපන රටාවට ඔබින පරිදි අවශ්‍යවන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය නිරන්තර වෙනසකට භාජනය කරමින් පවත්වාගෙන යනු ලබන අධ්‍යාපන ආයතනයකි .රාත්‍රි පෙර පාසල් ,එක්දින ක්‍රියාකාරකම් ,වැඩමුළු,ශිෂ්‍ය කේන්ද්‍රීය විවිධ ප්‍රසංග ආදී නව්‍ය වැඩසටහන් පවත්වමින් වත්මන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 40කින් හා ගුරුභවතුන් සිවු දෙනෙකුගෙන් යුතුව වැඩ කටයුතු කරගෙන යනු ලබයි .
එක්වන්නවර්ෂ 1978.03.15 වන දින ශ්‍රී මංගල ළදරු උයන ආරම්භයේම සේවයට බැඳුණු ජයන්ති පුෂ්පා මෙනෙවිය මේ වන විට වසර 42ක් පුරාවට
අප ආයතනයේ සේවය කරමින් සිටී.
සමාජසේවා විද්‍යාලය මඟින් මහනුවර මාවිල්මඩ දී පවත්වන ලද වාර්ෂික පුහුණුව සාර්ථකව නිමකළ ඇය වසර 2002 දී හේමාස් හොල්ඩින් ආයතනය, ළමා ලේකම් කාර්‍යාලය
හා කාන්තා කාර්යංශය මෙහෙයවීමෙන් පවත්වන ලද නේවාසික පුහුණුවද සාර්ථකව නිමකරන ලදී .
වර්ෂ 2004 දී ශ්‍රී මංගල ළදරු පෙර පාසලෙහි ප්‍රධාන ගුරුතුමිය බවට උසස්වීම් ලැබුවාය .එමෙන්ම 2006 වසරේදී ළමා හා කාන්තා කාර්යංශය මෙහෙයවීමෙන් පවත්වනු ලැබූ
සමීක්ෂණයක් තුළින් අප ළදරු පාසලට "පෙර ළමාවිය ආරක්ෂාව හා සංවර්ධනය වෙනුවෙන් කැපවීම" නිසා "අභිනන්දන" සම්මානයෙන් පිදුම් ලැබීම ඇය සතුව පවතින දක්ෂතාවය
කැපවීම පිළිබිඹු කරවන්නකි .
ඉන් නොනැවතුණු ඇය වර්ෂ 2009 දී කලුතර "පදනම" ඩිප්ලෝමාව සාර්ථකව නිමා කරන ලද අතර අධ්‍යාපනික සුදුසුකම් වලින් පමණක් නොව වසර 42ක අත්දැකීම් රාශියකගෙන් යුතුව දරුවන් දහසකට
අධික ප්‍රමාණයකට ගුරුහරුකම් ලබා දෙමින් අප හා අඛණ්ඩ සේවයක නියැළෙමින් සිටී .
පළාත්වාසී බෞද්ධ දෙමාපියන්ගේ ළදරුවන් ජාතික ආගමික සිරිත් විරිත් පුහුණුවන්නට නිසි පරිසරයක් නොවීම බලවත් පාඩුවක් ලෙස සැලකූ ,මාතර ආරෝග්‍යසේවා සමිතියෙ නිර්මාතෘ පූජ්‍ය වලස්ගල පුණ්ණජි මයුරවංස හිමිපාණෝ මෙම ළදරු උයන හා දිවා සුරැකුම් මධ්‍යස්ථානය වර්ෂ 1978.03.15 දින අපවත් වී වදාළ මැද උයන්ගොඩ ශ්‍රී සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේට උපහාරයක් වශයෙන් ආරම්භ කරන ලදී .
අමතන්න