විහාරස්ථානය

අප ගැන

දකුණුලක මාතර පුරවරයේ වල්පොල ග්‍රාමයේ පිහිටි සිරිමංගල පිරිවෙන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට අයත් කීර්තිමත් විහාරස්ථානයකි .පූජ්‍යපාද මැද උයන්ගොඩ ශ්‍රී සුමංගල ස්වමීන්ද්‍රයන් වහන්සේ විසින් (මාතර,වල්පොල)සුමංගලාරාමය යන නමින් මෙම විහාරස්ථානය ආරම්භ කරන ලදී.වර්ෂ 1845දී පමණ ආරම්භ කරන්නට යෙදුණු අප විහාරස්ථානය වසර 140ක් පමණ තරම් දිගු ඉතිහාසයකට උරුමකම් කියයි.

දැක්ම

“බුදු දහම අවබෝධයෙන් හුරු පුරුදු කළ සැදැහැවත් සැදැහවතුන් පිරිසක්.”

මෙහෙවර

“පිරිසිදු ථේරවාදී බුදු දහම බොදු සමාජය තුළ ස්ථාපිතව පවත්වාගෙන යමින් දායක මෙන්ම සියලු සැදැහැති බොදු ජනතාවට අවශ්‍ය දහම් අනුග්‍රහය ලබාදෙමින් බොදු පිළිවෙත් පුරන ජන සමාජයක් බිහිකිරීම.”



නව තොරතුරු

සිරිමංගල පිරිවෙනට හා ශ්‍රී මංගල දහම් පාසලට අඩුවක්ව පැවති ප්‍රධාන ශාලාව හිටපු මුදල් අමාත්‍ය ගරු මංගල සමරවීර මැතිතුමන්ගේ රාජ්‍ය අනුග්‍රහයෙන් යුතුව 2021 වර්ෂය ආරම්භයේ දී විවෘත කිරීමට නියමිතය
වත්මන් විහාරාධිපති නායක හිමිපාණන්ගේ අනුශාසනා පරිදි වර්ෂ 2015 විවෘත කරන්නට යෙදුණු ධාතු මන්දිරය හා 2018 වසරේ ඉදි කර විවෘත කරන්නට යෙදුණු ,දෙමහල් සංඝාවාසය අප පිරිවෙන් විහාරයට එක් වූ නවමු අංගයන්‍ ය.

එක්වන්න

විහාරාධිපති ස්වාමීන්ද්‍රයන් වහන්සේ

ත්‍රීපිටකවේදී ,ශාස්ත්‍රවේදී,මාතර කඩවත්සතර බටහිර ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ,ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සමාජ සංවර්ධන සභාවේ නියොජ්‍ය ලේඛකාධිකාරී පූජනීය වලස්ගල පඤ්ඤාසිරි නාහිමියන් වර්ෂ 1953 ජුනි මස 19 වන දින උපත ලබා වර්ෂ 1965 සැප්තැම්බර් මස 27 දින පැවිදි දිවියට ඇතුළත් වූහ. ගෞරවනීය ගුරු දේවෝත්තම පූජනීය වලස්ගල පුණ්ණජි මයුරවංශ නාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි සිරිමංගල පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිකාරී ධූරයට පත්වීමෙන් පසු විහාරස්ථානය සංවර්ධනය කරමින් අංග සම්පූර්ණ බෞද්ධ සිද්ධස්ථානයක් බවට පත් කිරීමට සුවිශේෂි මෙහෙයක් සිදු කරමින් සිටීයදී විහාරාධිපති නාහිමිපාණන් අපවත්වීමෙන් පසුව විහාරාධිපති ධූරයය පත්ව පිරිවෙන් විහාරස්ථානය ඇතුලු ආයතනයන්හි මනා කළමනාකාරීත්වයකින් යුතුව කටයුතු කරමින් වැඩ සිටී .
උන්වහන්සේ රජයේ පාසල් ගුරුවරයකු ලෙස වසර 34ක් පුරා දිවයිනේ පාසල් රැසක කටයුතු කළ අතර ,මාතර රාහුල විද්‍යාලයේ ධර්මාචාර්‍යවරයෙකු වශයෙන් කටයුතු කර විශ්‍රාම ගන්නා ලදී.
අප විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩවිසු අතිපූජනීය කම්මට්ඨානාචාර්‍ය වලස්ගල පුණ්ණජි මයුරවංශ හිමිපාණන් වහන්සේගේ සංකල්පයකට අනුව ආරම්භ කරන්නට යෙදුණු සීමා සහිත මාතර ආරෝග්‍ය සේවා සංගමය තුළින් පාලනය වනු ලබන ශ්‍රී මංගල දහම් පාසල , කීර්ති කුමාර ළමා නිවාසය, සුව සෙවණ වැඩිහිටි නිවාසය ආදී ආයතනයන්හී වර්තමාන අනුශාසකවරයාණන් වහන්සේ ලෙසින් ද වර්තමානයේ බොහෝ ආගමික ,සාමාජික හා ශාසනික කටයුතු සිදු කරමින් ප්‍රදේශයේ නායක හිමිනමක් ලෙස වැඩ වාසය කරනු ලබයි.

අමතන්න

අපගේ ඉතිහාසය

දක්ෂිණ ශ්‍රී ලංකාවේ පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට අයත් කීර්තිමත් විහාරස්ථානයකි .පූජ්‍යපාද මැද උයන්ගොඩ ශ්‍රී සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් (මාතර,වල්පොල)සුමංගලාරාමය යන නමින් විහාරස්ථානය ආරම්භ කරන ලදී.උයන්වත්ත වාලුකාරාම විහාරස්ථානයේදී ප්‍රවෘජ්‍යා පදවියට පත් උන්වහන්සේ,ගම්වාසී ජනතාවට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් කටයුතු කළ සේක . ඒ පිළිබඳව ප්‍රසාදයට පත් වල්පොල ගම්වාසීහු වත්මන් විහාරස්ථානයට ආසන්නයේ පිහිටි නිවසක වස් වැසීම සඳහා ආරාධනා කරන ලදී. එම වස් කාලය ගම්වාසී ජනතාගේ සිත් දිනා ගැනීම නිසා වත්මන් විහාරස්ථානය පිහිටි ස්ථානයේ කුඩා ආරාමයක් ඉදි කරවා ,වැඩ හිදුවා සිරිමංගල පිරිවෙන් විහාරස්ථානය ආරම්භ කරන ලදී.

අමතන්න