වැඩිහිටි නිවාසය

අප ගැන

පූජ්‍ය වලස්ගල මයුරවංශ නා හිමියන්ගෙන් සිදුවූ සමාජ සේවාවන් අතර සුව සෙවන වැඩිහිටි නිවාසය තවත් එක් සමාජ සත්කාරයකි .

දැක්ම

“අවාසි සහගත ජනතාවට ස්වශක්තියෙන් යුතු තෘප්තිමත් ජීවිතයක්.”

මෙහෙවර

“දකුණු පළාතේ අඩු ආදායම් ලාභී අවාසි සහගත ඉලක්ක කණ්ඩායම් වල සහභාගිත්ව සංවර්ධන ප්‍රවේශය හරහා සැබෑ අවශ්‍යතා හා විශ්ව ශක්තීන් හදුනාගෙන සාධනය , පුනුරුත්ථාපනය , උපදේශනය ,සවිබල ගැන්වීම හා සමාජගත කිරීම හරහා ඊට අනුකූලව ඒකාබද්ධ සංවර්ධන ප්‍රවේශය හරහා ඔවුන්ට යැපුම් මානසිකත්වයෙන් තොරව ස්වශක්තියෙන් ගොඩනැගීමට හැකි පසුබිම ගොඩනැංවීම .”

නව තොරතුරු

නේවාසික වැඩිහිටි සංඛ්‍යාව 12 දෙනෙකු පමණ සිටියි .ප්‍රදේශයේ දායක මහත්ම මහත්මීන් විසින් ලබාදෙනු ලබන දානාදී පිංකම් මගින් මෙය පවත්වාගෙන යනු ලබයි. පාලක මහතකු විසින් දෛනික කටයුතු සිදු කරගෙන යනු ලබයි .

එක්වන්න

පාලක මහතා

බදුල්ල පින්නලන්ද ප්‍රදේශයේ උපත ලද S.B. අබේරත්න මහතා බදුල්ල රීදීපාන වැඩිහිටි නිවාසයේ සේවය කිරීමෙන් ලද වසර 10ක අත්දැකීම් සමඟ වර්ෂ 2010 දී සුව සෙවණ වැඩිහිටි නිවාසයෙහි භාරකාරත්වයෙහි වගකීම් භාරගනිමින් සේවය ආරම්භ කරන ලදී .
අත්දැකීම් වලින් මෙන්ම වෘත්තීය සුදුසුකම් මනා කොට සපුරා ඇති ඔහු සමාජ සේවා අධ්‍යක්ෂක කාර්‍යාලයේ සේවා සහතිකයද, වර්ෂ 2018 දී ජාතික සමඟි සංගමය විසින් පවත්වන ලද උපහාර උළලෙහි දී "කීර්ති ශ්‍රී ලංකාපුත්‍ර දේශබන්ධු සමාජසේවා විභූෂණ "ගෞරව සම්මානයෙන් පිදුම් ලබා ඇත .
කිසිඳු සරණක් රහිතව අසරණව සිටින සමාජ කොටසක් වෙත කරුණාව,දයාව පෙරදැරි සිතකින් යුක්තව සේවයෙහි නියුතුව සිටින එතුමන් සුවසෙවණ වැඩිහිටි නිවාසයේ භෞතික සංවර්ධනය වෙනුවෙන්ද කැපවීමෙන් කටයුතු කරමින් සිටී .

අමතන්න

අපගේ ඉතිහාසය

පූජ්‍ය වලස්ගල මයුරවංශ නා හිමියන්ගෙන් සිදුවූ සමාජ සේවාවන් අතර සුව සෙවණ වැඩිහිටි නිවාසය තවත් එක් සමාජ සත්කාරයකි . සමාජයේ අසරණ තත්ත්වයට පත්වූ වැඩිහිටි පිරිසට පිහිට වීම පිණිස ගරු ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් මැද්දවත්ත ප්‍රදේශයේ "තැඹිලි ගස් වලව්ව" නැමැති ස්ථානය ආරෝග්‍ය සේවා සංගමය මගින් මිලදී ගන්නා ලදී .1993.09.12 වෙනිදා එම ස්ථානයේ වැඩිහිටි නිවාසය ආරම්භ කළේය .
එහිදි ඇතිවූ ප්‍රායෝගික ගැටලුව වූයේ එය දුරින් පිහිටා තිබීමයි .එම නිසා එය විහාරස්ථානයට සමීපව ඉදිකිරීමට පසුව සැලසුම් කරන ලදී. වසර කිහිපයක උත්සාහයෙන් පසු මාතර මැද්දවත්තේ පිහිටි එම ඉඩම විකුණා දමා එම මුදලින් සහ ජනතාවගේ ආධාර උපකාර මත විහාරස්ථානයට ආසන්නයේම තිබෙන ස්වාස්තික වලව්ව මිලදී ගන්නා ලදී.
2000 වසරේ සැප්තැම්බර් මස 07 වන දා වැඩිහිටි නිවාසය විහාරස්ථානයට ආසන්නයෙන් ඉදිකළ අතර එතැන් පටන් අද දක්වා සරණක් අවැසි වයෝවෘද්ධ පිරිස් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සලසා දෙමින් සුව සෙවණ වැඩිහිටි නිවාසය විවෘතව පවතී .

අමතන්න