කීර්ති කුමාර ළමා නිවාසය

අප ගැන

ඇත් රැළක ඇතින්නියකට පැටවෙක් ලැබුණු පසු රැලේ සියලුම ඇතින්නියන්ට කිරි එරෙන බව අප අසා ඇත.නමුත් තමුන් ජීවය ලබාදුන් දරුවන් වෙනුවෙන් කදුලක් වෙනුවෙන් කදුලක් නෙවැටෙන දෙමාපියන් අපේ සමාජයේත් ජීවත් වන බව ඔබ අප කා අතරත් නොරහසකි.එවන් අසරණ භාවයට පත්වන අනාථ,අත්හල ළමුන් අධිකරණය නියෝග මත පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් අපට භාරකරනු ලබයි . එවන් දරුවන් සඳහා සරණක් වීමේ අරමුණින් යුතුව දානපතියන්ගේ මූල්‍යමය හා ද්‍රවයමය ආධාර මත මෙම ආයතනය පවත්වාගෙන යනු ලබයි .

දැක්ම

“සතුට සුවය හා ආරක්ෂාව සපිරි දරු පරපුරක් දකුණු පළාත තුළ ඇති කිරීම .”

මෙහෙවර

“ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම හා සමාන අවස්ථා ලබා දීම තුළින් දරුවන් සඳහා දීප්තිමත් අනාගතයක් සහතික කරමින් සතුට ,සුවය ආරක්ෂාව සපිරි දරු පරපුරක් ඇති කිරීම හා ඔවුන් දකුණු පළාතේ සංවර්ධනයට දායක කිරීම.”

නව තොරතුරු

නේවාසික ළමුන් සංඛ්‍යාව 08 දෙනෙකු පමණ සිටියි .ප්‍රදේශයේ දායක මහත්ම මහත්මීන් විසින් දානාදී පිංකම් මගින් මෙය පවත්වාගෙන යනු ලබයි පාලිකාවන් තිදෙනකු විසින් දෛනික කටයුතු සිදු කරගෙන යනු ලබයි .

එක්වන්න











කළමණාකාරිනී

වර්ෂ 1975 මැයි මස සී/ස මාතර ආරෝග්‍ය සේවා සංගමයෙහි ගිණුම් ලිපිකාරිනියක ලෙස සේවය සඳහා පැමිණෙන දම්මිකා අබේවික්‍රම මහත්මිය වර්ෂ 1986 ජුනි මස 22 වන දා සිට කීර්තිකුමාර ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාව තනතුරෙහි වගකීම් ඉටු කරමින් සිටී .
එදා මෙදා තුර ආයතනයේ දරුවන්ගේ ශුභ සිද්ධිය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරනු ලබන ඇය වසර 25කට වඩා වැඩි කාලයක් අප ළමා නිවාසය මනාව පවත්වාගෙන යාම නිමිතිකොට ගෙන සුවිශේෂී වූ සම්මානයකටද ,2019 වසරේ පවත්වන ලද "පැහැසර අරුණක සොඳුරු නිමේෂය" කලා උළෙලේදී දකුණුලක ළමා නිවාසගත දරුවන්ගේ අයිතීන් සුරකිමින් අභිවෘද්ධිය වෙනුවෙන් මංපෙත් විවර කිරීම උදෙසා සිදුකළ මෙහෙය ඇගයීම වෙනුවෙන් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් "රෝහණ සුරක්ෂා" සම්මානය හිමිකර ගත් ඇය දැනට සී/ස මාතර ආරෝග්‍යසේවා සංගමයේ කළමණාකාරිනිය වශයන් වසර 45ක් පුරාවට සේවයේ යෙදෙමින් සිටී .

අමතන්න

අපගේ ඉතිහාසය

1505 දී ලංකාවට පෘතුගීසින්ගේ පැමිණීමත් සමගම ලංකාව පුරාම ක්‍රිස්තියානි ආගම පැතිරුණි .එහිදි තම ආගම තවත් පතුරුවා බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමට විවිධ උපක්‍රම භාවිත කරන ලදී. ඒ අතර ළමා නිවාස ආරම්භ කොට පවත්වා ගෙන යාම ප්‍රධාන තැනක් ගත්තේය.
ඒ අනුව සිංහල බෞද්ධ දරුවන්ට පිහිට වීම සඳහා කීර්ති කුමාර ළමා නිවාසය ආරම්භ කිරිම ගරු වලස්ගල පුණ්ණජි මයුරවංශ ස්වාමීන්ද්‍රයන්ගේ වහන්සේගේ අරමුන විය .
ඒ අනුව විහාරස්ථානයට 500m ක් පමණ දුරින් පිහිටි එවකට පිරිවෙන් දායක සභාවේ මහතකු වූ ජිනදාස විජේසිරිවර්ධන මහතා විසින් පරිත්‍යාග කල නිවසේදී 1966 වසරේ සැප්තැම්බර් මස 02වනදා ළමා නිවාසය ආරම්භ කරන ලදී.
ගුරු ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන අනුශාසක වූ අතර චාලට් මැටිල්ඩා ප්‍රනාන්දු මහත්මිය ප්‍රධාන පාලිකාව ලෙස ද උප ප්‍රධාන පාලිකාවක් හා ආරක්ෂක නිලධාරියකු ද විය . එදින දරුවන් 03 දෙනෙකු බදවා ගෙන නිල වශයෙන් කිර්තී කුමාර ළමා නිවාසය ආරම්භ කරන ලදී.
1977 වසරේදී පිරිවෙනට යාබද ඉඩමක් මීලදී ගෙන කීර්ති කුමාර ළමා නිවාසය විධිමත් ලෙස ආරම්භ කරන ලදී. එතැන් පටන් වසර 40ක කාලයක් පුරාවට සමාජයේ අසරණ භාවයට පත් දරුවන් 250කට පමණ රැකවරණය සලසා දීමට අප ආයතනය සමත් වී ඇත .

අමතන්න