නවමු මුහුණුවරකින්

අපගේ කර්තව්‍යයන්

ඔබ තුළ පවතින ශක්තියත් සමග අප හා එක්වන්න.එමගින් රට ජාතියට වැඩදායි පුද්ගලයකු ලෙස සමාජය තුළ ජීවත් වන්න

පිරිවෙන

පිරිවෙන යන වචනය බුද්ධ කාලයේ පටන් භික්ෂූන් වහන්සේලා වාසය කළ ආරාම හෝ කුටි ආදිය හැඳින්වීම සඳහා භාවිතා කළ බව ත්‍රිපිටක සාහිත්‍යයේ සඳහන් වේ .පෞඪ ඉතිහාසයකට උරුමකම් කියාපාන පිරිවෙන් පද්ධතියෙහි වර්තමාන තවත් එක් පුරුකක් ලෙස මාතර ,වල්පොල ,සිරිමංගල පරිවෙනස්ථානය හඳුන්වා දිය හැකිය ...

දහම් පාසල

වර්තමානයේ දූ දරුවන් සඳහා අවශ්‍ය නමුදු සාම්ප්‍රදායික පාසල ,උපකාරක පන්ති තුළින් නොලැබෙන බෞද්ධ චර්‍යා ධර්ම හා ආධ්‍යාත්මික ගුණවගාව දියුණු කිරීම පිළිබඳ දැනුම,ආකල්ප ලබා දෙමින් වසර 75 ක් මුළුල්ලේ දස දහස් ගණනක ශිෂ්‍ය ප්‍රජාවකට මග පෙන්වා දී ඇති මාතර ,වල්පොල ශ්‍රී මංගල දහම් පාසල මෙරට ඉහළින්ම වැජඹෙන ධර්ම විද්‍යාලයන් අතර ප්‍රමුඛස්ථානය ගනී...









වැඩිහිටි නිවාසය

පූජ්‍ය වලස්ගල මයුරවංශ නා හිමියන්ගෙන් සිදුවූ සමාජ සේවාවන් අතර සුව සෙවන වැඩිහිටි නිවාසය තවත් එක් සමාජ සත්කාරයකි . සමාජයේ අසරණ තත්ත්වයට පත්වූ වැඩිහිටි පිරිසට පිහිට වීම පිනිස ගරු ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් 1993.09.12 වෙනිදා එම ස්ථානයේ වැඩිහිටි නිවාසය ආරම්භ කළේය .....

icon

ළමා නිවාසය

ඇත් රැළක ඇතින්නියකට පැටවෙක් ලැබුණු පසු රැලේ සියලුම ඇතින්නියන්ට කිරි එරෙන බව අප අසා ඇත.නමුත් තමුන් ජීවය ලබාදුන් දරුවන් වෙනුවෙන් කදුලක් වෙනුවෙන් කදුලක් නෙවැටෙන දෙමාපියන් අපේ සමාජයේත් ජීවත් වන බව ඔබ අප කා අතරත් නොරහසකි.එවන් අසරණ භාවයට පත්වන අනාථ,අත්හල ළමුන් අධිකරණය නියෝග මත පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් අපට භාරකරනු ලබයි ...

animate_icon animate_icon animate_icon animate_icon animate_icon


සිරිමංගල පිරිවෙන

දක්ෂිණ ශ්‍රී ලංකාවේ පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට අයත් කීර්තිමත් විහාරස්ථානයකි .පූජ්‍යපාද මැද උයන්ගොඩ ශ්‍රී සුමංගල ස්වමීන්ද්‍රයන් වහන්සේ විසින් (මාතර,වල්පොල)සුමංගලාරාමය යන නමින් විහාරස්ථානය ආරම්භ කරන ලදී.
උයන්වත්ත වාලුකාරාම විහාරස්ථානයේදී ප්‍රවෘජා පදවියට පත් උන්වහන්සේ,ගම්වාසී ජනතාවට ප්‍රථමයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් කටයුතු කල සේක .
ඒ පිළිබඳව ප්‍රසාදයට පත් වල්පොල ගම්වාසීහු වත්මන් විහාරස්ථානයට ආසන්නයේ පිහිටි නිවසක වස් වැසීම සදහා ආරාධනා කරන ලදී. එම වස් කාලය ගම්වාසී ජනතාවට ප්‍රයෝජනවත් වූ නිසා වත්මන් විහාරස්ථානය පිහිටි ස්ථානයේ කුඩා ආරාමයක් ඉදි කරවා වැඩ හිදුවා සිරි මංගල පිරිවෙන් විහාරස්ථානය ආරම්භ කරන ලදී.

  • පන්සල යනු ඔබගේ ප්‍රශ්න නිවාරනය කරන ස්තානයයි.
  • එක්වන්න අප සමග .ජීවිතයට අරුතක් එක් කරන්නට
සම්බන්ධ වන්න

වර්තමාන නියමුවන්

නායක හිමිවරුන්

විහාරය , පිරිවෙන සහ දහම් පාසල් ප්‍රධාන හිමිවරුන් පමණක් මෙයට අදාළ කොට ඇත.
offer_img_1

පූජනීය වලස්ගල පඤ්ඤාසිරි නාහිමි

විහාරාධිපති

offer_img_1

පූජනීය කැලණියේ අජිත හිමි

ප්‍රධානාචාර්‍ය

offer_img_1

පූජ්‍ය හොරපාවිට ධම්මිස්සර හිමි

පරිවේනාධිපති

offer_img_1

පූජ්‍ය කුඩාගොඩ ඤාණවංස හිමි

කෘත්‍යාධිකාරි

ඉදිරි වැඩසටහන්

අප ඉදිරියෙදී පවත්වන්නට නියමිත සියලුම වැඩසටහන් මෙමගින් ඔබහට දැකබලාගත හැක

ස්වාමීන් වහන්සේ
පූජ්‍ය ඕපාත සමිත විහාරී හිමි
වැඩසටහන
භාවනා වැඩසටහන
දිනය
සෑම මසකම තෙවැනි සෙනසුරාදා
වේලාව
ප.ව : 2.00

අතීත නියමුවන්

සිරිමංගල පිරිවෙන ,ශ්‍රී මංගල දහම් පාසල, සුව සෙවණ වැඩිහිටි නිවාසය ,කීර්ති කුමාර ළමා නිවාසය මෙන්ම මාතර ප්‍රදේශයේ දියුණුවට විශාල වශයෙන් කැපවුණු අප විහාරස්ථානයේ ආරම්භක නියමුවන් මෙසේ ගෙනහැර දක්වමු

මැදඋයන්ගොඩ ශ්‍රී සුමංගල මාහිමි

දෙද්දුව ආනන්දමංගල විමලජොති මාහිමි

බටුවිට නන්දාරාම මාහිමි


මාතර ශ්‍රී ධර්මවංශ මාහිමි


මාතර වජිරවංශ මාහිමි


කිරින්දේ අරවින්ද වංශ මාහිමි

ප්‍රකාශ

දායක සභාව

ලෞකික ජිවිතය තුළ විවිධාකාර වූ ගැටලුවලට මුහුණ දෙමින් දුකට පත් වන ජනතාවට සහනයක් ගෙන එමින් ,අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඔවුන්ගේ පිහිටට සරණක් වන සිරිමංගල පිරිවෙන් මහා විහාරස්ථානය දකුණුලක ජනතාව අතර ඉතා ප්‍රසිද්ධියක් උසුලන විහාරස්ථානයකි.අප ගැන දායක දායිකාවන් තුළ ඇති විස්වාසය , භක්තිය මෙම ප්‍රකාශ සටහන් ඔස්සේ පැහැදිලි වේ.
animate_icon